hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 03, ප.ව. 1:08


විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරික්ෂණ මේ මස 5,6,7 යන දිනවලදී දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 77කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

පාසල් අයැඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් පෞද්ගලික ලිපිනයන්ටත් තැපැල් මගින් යවා තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර විභාග ප්‍රවේශ පත්‍රය බාගත හැකි බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.