hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 ජූනි 11, ප.ව. 5:49


ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන සඳුදා (13) විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කළ ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අත්‍යවශ්‍ය සේවාවන් බාධාවක් නොවන පරිදි පවත්වාගෙන යායුතු බැවින් මෙම පියවර ගන්නා බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා සඳහන් කරන්නේ.