hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 මැයි 08, ප.ව. 5:45


ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා යළි හෙට සිට

තාවකාලිකව නතර කර තිබූ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට (09) සිට යළි ආරම්භ කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එක්දින සේවය හැර අනෙකුත් කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

හෙට දිනයේ භාර ගැනීමට කටයුතු යොදා තිබෙන්නේ මැයි 5, 6 හා 9 යන දිනයන් හිදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් සහ මැයි 5 සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත් භාරදීමට පැමිණ අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් පමණයි.

මැයි 10 වන අඟහරුවාදා දින සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්යය වනවා

එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පරිගණක පද්ධතිය පිළිසකර කිරීමේ කටයුතු ද සිදුකෙරෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.