hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 13, ප.ව. 1:10


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මානව හිමිකම් කොමිසමට

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියා.

ඒ, පසුගිය දා ගාලුමුවදොර සිදුවීමේදී හා රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවලදී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අපොහොසත් වීම පිළිබඳව කරුණු විමසීම සඳහා කොමිෂන් සභාව සිදු කළ කැඳවීමකට අනුවයි.