hit counter

2025 අගෝස්‍තු මස 19 වන අඟහරුවාදා

2024 ජනවාරි 03, ප.ව. 4:20


ටෙස්ට් පිලේ නායකත්වයට ධනංජය ද සිල්වා පත්කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කළ බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා මීට සුළු මොහොතකට පෙර පැවසුවා.

එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට පත්කළ බවත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී එම දෙපළ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන බවත් උපුල් තරංග සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (3) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී උපුල් තරංග එසේ පැවසුවා.