hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 නොවැම්‍බර් 07, පෙ.ව. 11:13


සිඩ්නි අධිකරණය ධනුෂ්කට දුන් නියෝගය

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයේ දී ඇප ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවෙන බව වාර්තා වෙනවා.

මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තොරතුරු ඊයේ (06) වාර්තා වුණා.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගත්තේ.