hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජනවාරි 08, ප.ව. 6:46


රාජ්‍ය ඇමතිනී ඩයනාට ලැබුණු විශේෂ අධිකරණ නියෝගය

ලබන 19 වනදා, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව ගොනු කෙරුණු ඇපෑලක් සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

 අද යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ එම පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 19 වනදා කැඳවන ලෙසයි.