2022 ජූනි 07, ප.ව. 5:45
වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (07) ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේලිය හෙට (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊයේ (06) දිනයේදී මොවුන් දෙදෙනා වීරකැටිය පොලිසියට භාරවීමෙන් අනතුරු අත්අඩංගුවට ගත් අතර පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමේ දී පොලිසිය සමඟ ඇතිකරගත් ගැටුම ඊට හේතුවයි.
එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා පොලීසියට අසභ්‍ය වචනයෙන්ද බැන වැදුණු අතර පසුව දින ගණනාවක් ඔවුන් දෙදෙනා සැඟව සිටියා.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11