hit counter

2025 මැයි මස 03 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 1:45


දුමින්ද සිල්වා ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව ප්‍රදානය කරමින් මරණ දඩුවමින් නිදහස් කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව විභාගය නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

එස්. තුරෙයිරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අදාළ පෙත්සම කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.