hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 8:52


ඊසානදිග මුහුදේ භූකම්පනයක්

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි.