hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 මැයි 16, පෙ.ව. 8:29


කතරගම ආසන්නයේ භූකම්පනයක්

කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවයි.

ඊයේ (15) රාත්‍රී 10.15ට පමණ එම භූ කම්පනය සිදුව ඇති බව සඳහන්.

භූකම්පනය එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට දැනී ඇති බවට වාර්තා කර ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළේ.