hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 02, පෙ.ව. 9:01


මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත ගැසට් කරයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණ.

මෙම ගැසට් පත්‍රය අනුමැතිය සඳහා ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඊට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ද ලබා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: