hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 20, පෙ.ව. 8:32


බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කරමින් ගැසටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කර ඇති මෙම ගැසටි නිවේදනයට අනුව, සුදු බිත්තර කිලෝ ග්‍රෑමයක මිල සටහන් වන්නේ රුපියල් 880ක් ලෙසයි.

එමෙන්ම දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 920ක් ලෙස සටහන් වෙනවා.

ඊට අමතරව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් ලෙස එලෙසම පවතිනවා.

එමෙන්ම දුඹුරු බිත්තරයක උපරිම සිල්ලර මිල තවදුරටත් සටහන් වන්නේ රුපියල් 46ක් ලෙසයි.