hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මාර්තු 08, ප.ව. 12:25


තැපැල් ඡන්දය පැවැත්වෙන දින පිළිබඳව දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා.

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 21 වැනිදා වන විට සිදුකිරීමට සැළසුම් කර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (07) නිවේදනය කළා.