hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 27, ප.ව. 2:59


මීට පස්සේ ලයිට් බිල් එන හැටි

මෙතෙක් කලක් භාවිතා කළ මුද්‍රිත කඩදාසි බිල්පත් වෙනුවට විද්‍යුත් බිල්පත් පාරිභෝගිකයන් වෙත හදුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව එහි අතිරේක සාමාන්‍යදිකාරී හේමන්ත කේ. රණසිංහ මහතා (ආයතනික උපාය මාර්ගික) පවසනවා.

ඒ අනුව ජූලි මස 01 වැනිදා සිට ඊ -බිල්පත් ක්‍රමයේ මුල් අදියර දියත් කෙරෙන බව හෙතෙම සඳහන් කළා.

නව ක්‍රමවේදය අනුව මූලිකව දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ විදුලි බිල්පත් ඩිජිටල් ආකෘතියෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් ලැබෙනු ඇති.

නව ක්‍රමවේදය අනුව මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය නවතා දැමීම සිදුකෙරෙන බවත් එමගින් වාර්ෂිකව කඩදාසි කොළ මිලියන 100 ක් පමණ ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරෙන බවත් අතිරේක සාමාන්‍යදිකාරීවරයා සඳහන් කළා.