hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 8:17


සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්! සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකකයේ 7.3ක ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා.

ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ අද (25) අලුයම ගැඹුරු මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් භූකම්පනය හටගෙන ඇති අතර පසු කම්පන කිහිපයක් ද වාර්තා වී ඇති බවයි.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර බටහිර සුමාත්‍රාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබුණා.

කෙසේවුව ද භූකම්පනය හේතුවෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.