2023 ජනවාරි 26, පෙ.ව. 8:43
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වී තිබෙනවා.
ඒ අනුව කොළඹ ,ගම්පහ ,කළුතර,මහනුවර ,මාතලේ ,ගාල්ල ,මාතර, කුරුණෑගල,කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ලකුණු 153ක් ශිෂ්‍යත්ව විභාගයේ අවම කඩඉම් ලකුණු ලෙස විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
එමෙන්ම හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ලකුණු 150ක් ද ,අනුරාධපුර,පොළොන්නරුව ,බදුල්ල ,මොණරාගල අම්පාර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා අවම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 148ක් ලෙසයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා ලකුණු 147ක්ද ,මන්නාරම ,වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා අවම ලකුණු 145ක් ද විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා .