hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 10, පෙ.ව. 11:51


උසස් පෙළ කාලයේ දී විදුලිය නො කපන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණය පිටුපායි

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ විදුලිය විසන්ධි නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (10) අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කළ අදාළ පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ලබාදෙන ලෙසයි.