hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මාර්තු 13, ප.ව. 2:23


සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල් යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ඇමරිකානු තානාපති ජූලි චංන්ග් (Julie Chung) මහත්මිය සමග අද (13) මට්ටක්කුලිය ශාන්ත ජෝන් මහා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වී සිටියදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව හා ගුරු වෘත්තීය සංගම් එක් ව දරුවන්ගේ අනාගතය පිළිබඳ ව සිතා උත්තර පත්‍ර සමීක්ෂණය කඩිනමින් ආරම්භ කරනු ඇතැයි විශ්වාස කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.