hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 ජූලි 13, පෙ.ව. 11:23


ප්‍රධාන විභාගයන් පැවැත්වීම ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කළේ, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.