2022 මැයි 11, පෙ.ව. 10:22
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2021) යොදාගත් පරිදි මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
විභාගය කල්දැමීමට මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවත් යොදාගත් පරිදි ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 16 වැනිදාත් අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11