hit counter

2025 ජූනි මස 19 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 12, ප.ව. 5:02


සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීමේ කටයුතු හෙට (13) දිනයේදී ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවා.

ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන සඳුදා දිනයේ දී ඒවා බෙදාහැර අවසන් කිරීමට නියමිත බවයි.

විභාග අපේක්ෂකයින් වෙත ලබාදිය යුතු විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙන බවත් තවත් කොටසක් ලැබෙමින් පවතින බවත් ඔහු සඳහන් කළා.