2022 මැයි 02, ප.ව. 1:13
අද (02) බදුල්ල උදයරාජ මාවතේ පිහිටි මත්පැන් අලෙවිසැලක ගින්නක් ඇතිවූ බව බදුල්ල පොලීසිය පවසයි.
ගින්නෙන් අලෙවිසැලේ තිබූ මත්පැන් රදවනයන් (රාක්ක) සහ මත්පැන් බෝතල් වලට දැඩි හානි සිදුව තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රාත්‍රී කාලයේදී මෙම ගින්න ඇති වූයේ නම් විශාල හානියක් සිදු වීමට ඉඩ තිබුණ බවද වාර්තා වෙනවා.
බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිළධාරීන් ගින්න පාලනය කල අතර වැඩිදුර විමර්ශන බදුල්ල පොලීසිය සිදු කරනු ලබනවා.



(බදුල්ල – ජයලත් දිසානායක)
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25