hit counter

2025 අගෝස්‍තු මස 27 වන බදාදා

2022 මැයි 02, ප.ව. 1:13


මත්පැන් අලෙවි සැලක් හදිසියේ ගිනි ගනී

අද (02) බදුල්ල උදයරාජ මාවතේ පිහිටි මත්පැන් අලෙවිසැලක ගින්නක් ඇතිවූ බව බදුල්ල පොලීසිය පවසයි.

ගින්නෙන් අලෙවිසැලේ තිබූ මත්පැන් රදවනයන් (රාක්ක)  සහ මත්පැන් බෝතල් වලට දැඩි හානි සිදුව තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රාත්‍රී කාලයේදී මෙම ගින්න ඇති වූයේ නම් විශාල හානියක් සිදු වීමට ඉඩ තිබුණ බවද වාර්තා වෙනවා.

බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිළධාරීන් ගින්න පාලනය කල අතර වැඩිදුර විමර්ශන බදුල්ල පොලීසිය සිදු කරනු ලබනවා.

(බදුල්ල – ජයලත් දිසානායක)