hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 03, ප.ව. 5:03


ගාල්ලේ උසස් තාක්ෂණ ආයතනයක් හදිසියේ ගිනි ගනී

ගාල්ල කළුවැල්ල උසස් තාක්ෂණ ආයතනයේ මෙගා ට්‍රොනික් (රොබෝ තාක්ෂණ) අංශයේ අද (03) පස්වරුවේ හදිසි ගිනි ගැනීමකින් එහි තිබූ උපකණ රැසකට හානි සිදු වී තිබෙනවා.

ගිනි ගැනීම ඇති වන අවස්ථාවේ මෙම ඒකකය වසා දමා තිබු අතර කළු දුමාරයක් සමඟ ගොඩනැගිල්ල එකවරම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

පසුව ගාල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

වායු සමීකරණ පද්ධතියේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම ඇති වී තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද