hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 31, ප.ව. 7:41


ගංවතුර අවධානම ඉහළට

අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා කැළණි ගං ද්‍රෝණියේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් එම ප්‍රදේශ වලට ගං වතුර තත්වයක් ඇතිවීමේ අවදානමක්ද පවතිනවා.

හෙට(01) පෙරවරුව දක්වා කැළණි ගංගාවේ ජල මට්ටම ඉහළ යා හැකියි.

එම නිසා දැඩි අවධානයෙන් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

මීට අමතරව අත්තනගලු ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති අතර, එහි ඉහළ ප්‍රදේශ වලට සුළු ගං වතුර තත්වයක්ද හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් අත්තනගලු ඔය සහ උරුවල් ඔය අවට පහත්බිම් වල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

එසේම ගම්පහ නගරය අවට ජනතාව සහ කඩසාප්පු හිමියන්ද සැළකිල්ලෙන් පසුවීම වැදගත් බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළා.

මිට අමතරව ගිං, නිල්වලා සහ කළු යන ගංගා වල ජල මට්ටමද ඉහළ ගොස් ඇති බැවින් එම ගංගා අවට ජනතාවද අවදානයෙන් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.