hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 23, ප.ව. 4:50


සයිනොපෙක් පළමු ඉන්ධන තොගය ලබන මස මුලදී

චීනයේ සයිනොපෙක් සමාගම සමග ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“ලබන මාසයේ මුල් සතිය වෙද්දි පළවෙනි ෂිප්මට් දෙක සයිනොපෙක් සමාගමෙන් එනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා සමාන්‍යයෙන් එළියට ගිය ඩොලර් ප්‍රමාණය CPC එකෙන් 20%ක් පළවෙනි මාසය තුළම අඩුකර ගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම මාසිකව 45%ක් දක්වා ඒ එළියට ගිය ඩොලර් ප්‍රමාණය අඩුකර ගන්න හැකියාව ලැබෙනවා. ඊට සාපේක්ෂව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා එක්කෝ QR කේතය වැඩිකර ගත හැකියි. නැත්නම් සම්පූර්ණයෙන්ම අයින් කර ගැනීමේ හැකියාව තියෙනවා.

මේ මාසේ ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ, සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය පාවිච්චි කරලා, අපි අමාත්‍යාංශය මඟින් හැම මාසයේම උපරිම මිලක් තීරණය කරනවා. පෙට්‍රල්වල උපරිම මිල මෙච්චරයි, ඩීසල්වල මෙච්චරයි, 95 මෙච්චරයි, සුපර් ඩීසල්වල උපරිම මිල මෙච්චරයි කියලා උපරිම මිල විතරයි තීරණය කරන්නේ. ඉන් පසුව CPC එකට, LIOC එකට, ඒ වගේම අලුත් සමාගම් තුනට හැකියාව තියෙනවා උපරිම මිලට යටත්ව තමන් කැමති මිලට විකිණීමේ හැකියාව තියෙනවා. එක සමාගමක් මිල අඩුකරද්දි ඊට සාපේක්ෂව අනෙක් සමාගමත් තරගකාරීත්වයක් ඇතිවීම තුළින් රටට විශාල තෙල් මිලේ අඩුවක් ලබාදෙන්න හැකිවෙයි කියලා අපි විශ්වාස කරනවා.”