hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 අගෝස්‍තු 31, ප.ව. 10:16


ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසටයි.

මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417ක් ලෙසටයි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341ක් ලෙස සටහන් වෙයි.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359ක්.

ලංකා භූමිතෙල් මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 231ක් ලෙසටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: