2022 ජූනි 28, ප.ව. 4:39
මහනුවර නගරයේ ඉන්ධන නිකුත් කිරීම එක් සංස්ථා ඉන්ධන පිරවුම් හලකින් අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේදී එම ඉන්ධනහල ආශ්‍රිතව දින ගණන් පෝලිම්වල සිටි අනිකුත් රියදුරෝ ඊට දැඩි විරෝධය පා කලහකාරී ආකාරයෙන් හැසිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් උද්ගත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
පසුව ඔවුන් අතරින් ටෝකන් පත්‍රයක් ලබා දී තිබු අනෙකුත් රියදුරන් හට පමණක් ඉන්ධන ලබා දීමට පියවර ගැනීමෙන් අනතුරුව තත්ත්වය යම් ආකාරයකින් සමතයකට පත් වී තිබෙනවා.
මෙහිදී සංචාරකයන් රැගෙන පැමිණි රථ සඳහා ඉන්ධන ලබා දීමට ඔවුන් විරෝධය නොදැක්වූ අතර රජයේ සේවකයන් සඳහා ඉන්ධන ලබා දීමේදී පමණක් දැඩි විරෝධය දැක්වූවද පොලීසිය හා හමුදාව එක්ව තත්ත්වය පාලනය කර තිබෙනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 12:14
2025 අප්‍රේල් 21, පෙ.ව. 10:37
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34