2022 අගෝස්‍තු 11, ප.ව. 3:04
යාපනය පොලිස් වසමේ කොක්කුවිල් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි අයෙකු හදීසියේ ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය ගොස් ඇතිය යාපනයෙ පොලීසිය පවසයි.
මිය ගිය පුද්ගලයා ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ පැමිණ කිව්.ආර්. කේතය ලබා දීමට ගිය අවස්ථාවේදී එකවරම බිම ඇද වැටී ඇති අතර අසල්වාසීන් විසින් එම පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කලද ඒ වන විටත් මිය ගොස් ඇතැයි රෝහල් වෛද්‍යවරුන් පැවසුවා.
මිය ගිය පුද්ගලයාට ඉන්ධන පෝලිමේ සිටි අවස්ථාවේදී ඇති වූ හෘදයාබාද තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇතැයි පොලීසිය සැක පල කරන අතර මළසිරුර පශ්චාත මරණ පරික්ෂණය වෙනුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය පුන්නාලෙයි කඩ්ඩුවාන් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එස්.රූබන් නැමැත්තෙක්.
2025 අප්‍රේල් 21, ප.ව. 5:05
2025 අප්‍රේල් 21, ප.ව. 1:36
2025 අප්‍රේල් 21, ප.ව. 12:14
2025 අප්‍රේල් 21, පෙ.ව. 10:37
2025 අප්‍රේල් 16, ප.ව. 2:07