hit counter

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 17, ප.ව. 12:38


කූඩාරම් ඉවත් කළැයි පොලීසියට එරෙහිව විරෝධයක් (PHOTOS)

ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදී ආරම්භකොට ඇති විරෝධතා භුමියේ තිබු කුඩාරමක් පොලිසිය මගින් ඉවත්කිරිමට විරෝධය දක්වා අද (17) පෙරවරුවේ දි ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදි විරෝධතාවයක් පැවැත්වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කොට ඇති විරෝධතාවයට සහාය පලකරමින් මෙකි අඛණ්ඩ විරෝධතාවය ගෝඨාගෝගමේ ගාල්ල ශාඛාව විසින් ඉකුත් 15 වැනිදින පස්වරුවේ දි ආරම්භ කළා.

එහි ඉදිකොට තිබු කුඩාරමක් ගාල්ල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අද (17) උදෑසන ඉවත්කොට තිබුණා. 

එම කුඩාරම ඉවත්කිරිමේ දි පොලිස් නිලධාරින් හා විරෝධතාකරුවන් අතර දැඩි උණසුම්කාරිතත්වයක් ඇතිවුණා.