2022 ජූනි 20, ප.ව. 12:26
ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කළ 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හතර දෙනකු ද සිටින බව පොලිසිය කියයි.
පිවිසුම් දොරටු ඉදිරිපිට කූඩාරම් ද ඉදිකර විරෝධතා දැක්වීම නිසා එම කාර්යාලවල අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන නිලධාරීන් මෙන්ම අවශ්‍යතා සඳහා පැමිණි ජනතාවට කාර්යාලය තුළට පිවිසිමට හා පිටතට යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.
මේ හේතුවෙන් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලවල පිරිස හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තිබූ සාකච්ඡාවලට පවා බාධා එල්ල වුණා.
අත්අඩංගුවට ගත් පිරිස අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25