hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 ජූලි 22, ප.ව. 6:27


ගාලු මුවදොරදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

ගාලු මුවදොර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් 9 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදුන්නා.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ එහි පිවිසුම අවහිර කරමින් සිටි අරගලකරුවන් සහ අට්ටාල ඉවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමේදී අද අලුයම මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.