hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:14


ගෑස් මිල අඩු වෙන්නේ මෙහෙමයි

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින්ද, 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද , 2.3kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින්ද අඩු වන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා.

ඒ අනුව ගෘහස්ත 12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4551/=ක් ද, 5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1827/= ක් ද 2.3kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 848/=ක් ද වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.