hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 අප්‍රේල් 22, ප.ව. 4:38


ගෑස් මිල වැඩි නොකිරීමට තීරණයක්

ලිට්‍රෝ ගෑස් සමාගමේ මිල වැඩි කිරීම අනුමත නොකරන බව රජය පවසනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල වැඩි නොවන බවයි රජය පවසන්නේ.

කෙසේවෙතත් ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

එම සමාගම සඳහන් කළේ ඒ අනුව, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5175ක් දක්වා ඉහළ යන බවයි.