hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 ජූලි 18, පෙ.ව. 8:10


ජනපතිගෙන් තවත් ගැසට් එකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සහ සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් එල්ල වීම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති.

එමෙන්ම අදාළ ගැසට් නිවේදනයෙන් රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබෙනවා.