2023 නොවැම්‍බර් 06, පෙ.ව. 9:42
ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 වගන්තිය යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි මෙම පත්වීම සිදු කර ඇත්තේ.
එහිදී T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව විශේෂ වාර්තාවට අනුව, ක්‍රිකට් විධායක කමිටුව විසින් සිදු කර ඇතැයි කියනු ලබන දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බැවින් මෙම කමිටුව පත් කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වරණයක් පවත්වන තුරු හෝ නැවත දැනුම් දෙන තුරු අද(06) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.
2025 අගෝස්‍තු 18, ප.ව. 12:51
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්‍තු 06, ප.ව. 4:05