hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2024 පෙබරවාරි 03, ප.ව. 2:30


ජනපති කාර්යාලයෙන් හදිසි ගැසට් නිවේදන දෙකක් නිකුත් කරයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා ඊයේ දිනයේ නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ මහතාගේ පත්වීම හා ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් නිකුත් කර ඇත.

පළමු ගැසට් නිවේදනයේ දැක්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 29 වැනිදා සිට ලොහාන් රත්වත්තේ මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කර ඇති බවයි.