hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජූලි 19, ප.ව. 3:38


වහාම ක්‍රියාත්මක පරිදි 22 ගැසට් කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙන් මෙම සංශෝධනය ගෙනවිත් තිබෙනවා.

මෙලෙස අද (19) එම ගැසට්ටුව ජනපති නියමයෙන් පළ කෙරුණේ එය ගැසට් කිරීමෙන් වළකින බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (18) නිවේදනය කළ පසුබිමකය.