hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 ජනවාරි 03, ප.ව. 6:10


අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් ජනපතිගෙන් ගැසට්ටුවක්

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන්, රේගු ආඥාපනතේ අර්ථ දක්වා ඇති පරිදි ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ආහාර හෝ බීම භාණ්ඩ බෙදා හැරීම සහ ඉවත් කිරීම, ගල් අඟුරු, තෙල් හෝ ඉන්ධන ඉවත් කිරීම, ප්‍රවාහනය, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ඉවත් කිරීම සම්බන්ධ සේවාවන්, ගුවන් තොටුපළ සහ වරාය ඇතුළු ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.