hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 22, ප.ව. 3:08


බිරිඳව පැහැර ගත් සැමියා පොලීසියට භාරවෙයි

හලාවත, මුනුවන්ගම ප්‍රදේශයෙදී සිය බිරිඳ පැහැරගත් සැමියා අද (22) හලාවත පොලීසියට භාරවී තිබෙනවා.

ඒ, පසුගිය 19 වනදා ඔහු විසින් පැහැරගත් 18 හැවිරිදි විවාහක තරුණ බිරිඳ ද සමගින්.

ඒ අනුව අදාළ කාන්තාවගේ සැමියා බව කියන දඹුල්ල ප්‍රදේශයේ 21 හැවිරිදි සැකකරුව හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසේ සිටි තම දියණියව පැහැරගෙන ගිය බවට අදාළ කාන්තාවගේ මව්පියන් විසින් හලාවත පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව හලාවත මුලස්ථාන පොලීසියේ කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.