hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 ජූනි 06, පෙ.ව. 9:32


උඩදියලුම මියගිය තරුණියගේ පෙම්වතාට ලැබුණු අධිකරණ තීන්දුව

වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම ප්‍රදේශයේ දී තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුව මෙම මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත.

පසුගිය මැයි මස 11 වනදා පස්වරුවේ කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබුණා.

පසුව රාත්‍රියේ එම යුවළට එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්විය. එහිදී තුවාල ලැබූ තරුණයා ද රෝහල් ගතකර ප්‍රතිකාර ලැබුවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතා ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් කොස්ලන්ද පොලීසිය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගත්තා.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.