hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 15, ප.ව. 8:43


GMOA සභාපති පත් කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්වී තිබෙනවා.

අඛණ්ඩව වසර 10ක කාලයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙවර තරඟ කර තිබුණේ නැහැ.

උප සභාපතිවරු ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහත්වරු පත් වුණා..

ලේකම් ලෙස වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පත් වූ අතර උප ලේකම්වරු ලෙස පත්වුයේ වෛද්‍ය කාංචන බුලන්කුලම, වෛද්‍ය අජන්ත රාජකරුණා, වෛද්‍ය පාලිත රාජපක්ෂ, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස යන මහත්වරුන්.

භාණ්ඩාගාරික ලෙස වෛද්‍ය කමල් කොඩිකාර මහතා තේරී පත් වී තිබෙනවා.