hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 05, පෙ.ව. 11:55


ඩුබායි ගිය ගෝඨා ආපහු ලංකාවට ඇවිත්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද (05) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා මෙන්ම ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු ද සනාථ කළා.

ඔවුන් අද (05) උදෑසන 08.25 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු ණා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ බිරිඳ, පුතා, ලේලිය සහ මිනිබිරිය ඇතුළු පිරිස ඉකුත් 12 වනදා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .