hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 05, ප.ව. 5:59


ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභයට කල් දෙයි

ඉකුත් වසරේ මහජන විරෝධතා පැවති සමයේ දිවයින පුරා හදිසි නිති රෙගුලාසි පැනවීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැඳවුණා.

එහි දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට කල් ලබා දුන්නා.

ඒ අනුව අදාළ විරෝධතා අද සිට සති අටක් ඇතුළත ගොනුකිරීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.