hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 අප්‍රේල් 27, ප.ව. 1:48


ජනපතිගෙන් ආණ්ඩු පක්ෂ නායකයින්ට ලිපියක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ නියෝජනයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා සම්බන්ධ පක්ෂ වෙත ලිපියක් යවමින් දන්වා තිබෙනවා.

රටේ වර්තමානයේ පවතින සමාජ සහ ආර්ථික අර්බුදය සඳහා විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස මහ නායක හිමිවරුන් සහ කාදිනල් හිමියන් විසින් කරන ලද ඉල්ලීම්ද සළකා බලා එම එකඟතාවයට පැමිණි බවයි ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබෙන්නේ .

ඒ අනුව වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත සර්ව පාක්ෂික  ආණ්ඩුවේ ව්‍යුහය ඇතුළු කරුණු සාකච්ඡා කළ යුතු බවද එම ලිපියේ සඳහන්.

ඒ සඳහා පළමු පියවර ලෙස ආණ්ඩු පක්ෂයේ සියළු පක්ෂ නායකයින් සහ  ස්වාධීන කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පක්ෂවල නායකයින් සමග අප්‍රේල් 29වන දින සාකච්ඡා කිරීමට නියමිත බැවින් ඒ සඳහා පැමිණෙන ලෙසයි අදාළ ලිපියෙන් ආරාධනා කර ඇත්තේ.