2022 ජූලි 15, පෙ.ව. 9:25
ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මීට සුළු මොහොතකට පෙර නිවේදනය කරනු ලැබුවා.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ රාත්‍රී කතානායකවරයා ලැබී තිබූ අතර නීතිමය තත්ත්වය පරික්ෂා කිරීමෙන් අනතුරවයි එය මෙලෙස නිවේදනය කරන්නේ.
“ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 1 ආ වගන්තිය ප්‍රකාරව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය මා වෙත ලැබී ඇත. ඒ අනුව 2022 ජූලි 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා නීත්‍යානුකූලව ඉවත් වී ඇත. මෙතැන් පටන් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමය ක්‍රියාත්මක වනු ඇත. එම ක්‍රියාදාමය අවසන් වන තෙක් ජනාධිපති ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සදහා ව්‍යවස්ථා ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇත. නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පක්ෂ නායක රැස්වීමේදී මා විසි න් සියලු පක්ෂ නායකයන් දැනුවත් කළ ආකාරයට 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ලැබේ.
එම ක්‍රියාදාමය ඉතා ඉක්මණින්ම සාර්ථකව අවසන් කිරීම මාගේ අරමුණයි. දකුණු ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රටක් ලෙස ආඩම්බර වන අප රටක් ලෙස මෙම ක්‍රියාදාමය උපරිම ප්රජාතන්ත්රවාදී ලෙස විනිවිද භාවයකින් ක්‍රියාත්මක කිරීම අප රටේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයට ද වැදගත් ඓතිහාසික සිදුවීමක් වනු ඇත. එබැවින් මෙම ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන්, ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම අපේ රටේ ගෞරවනීය සහ ආදරණීය මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ නිසි ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් හට නිදහසේ තම හෘද සාක්ෂියට එකගව කටයුතු කිරීමට සහ රැස්වීමට සහභාගී වීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදා කර දෙන ලෙසයි. එවැනි සාමකාමී වාතාවරණයක් තුළ සියලු වගකිවයුත්තන්ගේ සහයෝගය ඇතුව දින 7ක් වැනි කෙටි කාලයක් තුළ සියලු වගකිවයුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම ක්‍රියාදාමය අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම 16 වනදා පාර්ලිමේන්තුව රැස්වන බවත් සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙසත් මෙයින් දැනුම් දෙමි. මේ සදහා ඔබ සියලුදෙනාම දක්වන සහයෝගයට මම ස්තූතිවන්ත වෙමි.”
2024 දෙසැම්බර් 17, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 13, ප.ව. 5:22
2024 දෙසැම්බර් 12, ප.ව. 3:11
2024 දෙසැම්බර් 05, ප.ව. 1:28
2024 දෙසැම්බර් 03, පෙ.ව. 10:41