hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 24, ප.ව. 8:02


අන්තරේ ගෝල්ෆේස් පිටියට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමන කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලය සඳහා එක්වී තිබෙනවා.

කොළඹ කොටුවෙන් ආරම්භ කළ පාගමන කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිවස වෙත පැමිණි අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද හට ගත්තා.

ඉන් අනතුරුව විද්‍යාර්ථින් විරෝධතා පාගමනින්ම කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලය සඳහා සහාය දැක්වීමට එක් වූ බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.