hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 05, ප.ව. 2:53


ගෝඨා ගෝ ගම ඉවත් කිරීමට අදාළව අධිකරණයේදී ප්‍රතිඥාවක්

නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ගාලු මුවදොර පිටිය ආසන්නයේ ඇති අනවසර ඉදි කිරීම් අගෝස්තු 10 වනදා දක්වා ඉවත් කර ගැනීමට කටයුතු නොකරන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා තිබෙනවා.

මේ අතර ගාලු මුවදොර පිටිය සහ ඒ ආසන්නයේ අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් සහ බෝග වගාකිරීම් අද සවස 5ට පෙර ඉවත් කරගන්නා ලෙසයි පොලිසිය මිට පෙර දැනුම් දී තිබුණේ.

ගාලු මුවදොර පිටිය සහ ඒ ආසන්නල රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමිකොටසේ අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් සහ බෝග වගාකිරීම් ඉවත් කිරීමට පොලිසිය කල් දී ඇත්තේ අද පස්වරු 05 දක්වායි.