hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 ජූනි 29, ප.ව. 1:02


කොමිසම් 02කට නව සභාපතිවරු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත් කර තිබෙනවා.

මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.