hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 10:36


රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑමේ නියෝගය ගැසට් කෙරේ

සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන නියෝගය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුක්තව අදාළ ගැසට් පත්‍රය ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව එම නියෝගය ලබන වසරේ ජනවාරි මස පළමුවන දින සිට බලාත්මක වෙනවා.

55 හැවිරිදි වයස පිරුණු විට හෝ ඉන් පසුව හෝ ආණ්ඩුවේ ඕනෑම සේවකයෙකුට ආණ්ඩුවේ සේවයෙන් විශ්‍රාම ගැනීමට හැකිවන අතර නියම බලධාරියෙකු විසින් සේවයේ රඳවා ගැනීමට තීරණය කළහොත් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධාරීන් හැර සියලුම රාජ්‍ය නිලධාරීන් ඒ අනුව අවුරුදු 60න් අනිවාර්යෙන්ම විශ්‍රාම යා යුතු වෙනවා.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 17 වන වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කර අදාළ නියෝගය ආදේශ කරමින් එය සංශෝධනය කර එම නව ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වෙනවා.